Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවාස මංකොල්ලකෑමේ නිතරව සිටි මවක සහ පුත්‍රයෙකු අත්අඩංගුවට

1 year ago

නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් සිය පුතු සමගින් එක්ව එම නිවාස මංකොල්ලකෑමේ ජාවාරමක නිතරව සිටි මවක සහ පුත්‍රයෙකු බෙම්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුතු මෙහෙයවන කොල්ල කණ්ඩායමක් අදාළ කාන්තාව මේ සඳහා යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක සිදු කළ කොල්ලයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරව හසුකරගැනීමට පොලිසියට හැකි වුණා.

රාත්‍රී කාලයේ නිවැසියන් බැඳදමා රුපියල් ලක්ෂ 15කට අධික  ස්වර්ණාභරණ මෙම පැහැරගෙන ගොස්  තිබෙනවා.

අත්අඩංගුවට ගත් මව්-පුතු දෙපළ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සතුව තිබී සොරකම්කරන ලද ස්වර්ණාභරන, හෙරොයින් ග්‍රෑම් 3ක් පොලිස්  භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.‍

දිවයින පුරා කොල්ලකෑම් 10කට පමණ මෙම කල්ලිය සම්බන්ධ බවයි අනාවරණය වී තිබෙන්නේ.

කාන්තාවගේ පුත්‍රයා සංඝයා වහන්සේ නමක් අපවත් කිරීමක් සම්බන්ධවද චෝදනා ලබාඅධිකරණයෙන් ඇපමත මුදාහැර සිටි අයෙක්.

සැකකරුවන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.