Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටිකට්පත් නොදුන් කොන්දොස්තරලා රැසක් මාට්ටු

1 year ago

ටිකට්පත් ලබා නොදීම සම්බන්ධව පෙරේදා (01) සහ ඊයේ (02) දිනය තුළ රිය සහායකවරු 33 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පවසනවා.

ටිකට්පත් ලබා නොදීම සම්බන්ධව ඔක්තෝම්බර් පළමු වැනි දා බස්රථ 347 ක් පරීක්ෂා කොට එයින් බස් රථ 22 ක් ද, ඊයේ දිනයේදී බස් රථ 118 ක් පරීක්ෂා කොට බස් රථ 11 ක් ද හඳුනා ගැනීමට හැකි වූ බව ගාමිණී ජාසිංහ සඳහන් කළා.

“කලින් සියයට පනහක විතර ටිකට්පත් ලබා නොදීම් වාර්තා වුණා. මේ වන විට තත්ත්වය සතුටුදායක මට්ටමකට පත්වෙමින් තියෙනව. අපි හිතනවා සති දෙකක් විතර යනකොට ඉතාම අවම ප්‍රතිශතයකට මේ තත්ත්වය ගෙන්න පුළුවන් වෙයි කියලා”

අද දිනයේදීත් මේ හා සම්බන්ධ වැටලීම් ක්‍රියාත්මක වන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.

ටිකට්පත් ලබා නොදුන් රිය සහායකයන්ගේ බලපත්‍රය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය භාරයට ගෙන දඩයක් අය කෙරෙන අතර එක් දින පුහුණුවක්ද ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා පවසා සිටියා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම මස සිට ටිකට් ලබා නොදෙන සහායකවරුන්ගේ බලපත්‍ර දින තුනකට අවලංගු කරන බවයි.