Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන්

පාසල් සිසුන් සඳහා රුපියල් 5000ක විනෝදාස්වාද දීමනාවක් ලබාදීමට යෝජනාවක්

1 year ago

උසස් අධ්‍යාපන විභාග අවසන් කළ සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

සභාව ඇමතූ බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, උසස් අධ්‍යාපන විභාග අවසන් කළ සිසුන්ට චිත්‍රපට නැරඹීම, වෙරළට යාම, සංගීතයට සවන් දීම වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම්වල නිරතවීම සඳහා මෙම රුපියල් 5,000ක දීමනාව ලබාදිය යුතු බවයි.

තරුණ පරම්පරාව වැඩිවියට පත්වන විට ඔවුන්ගේ සමාජීය හා සංස්කෘතික හැකියාවන් වර්ධනය කිරීමට මෙය වැදගත් පියවරක් බවත්, මේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළා.