Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැඩි නියෝගයක්

1 year ago

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කිරීමත් සමග ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.

වොෂින්ටන් වෙලාවෙන් හෙට සවස 6 වන විට සාමයට එකඟ වියයුතු අතර, එම අවසන් අවස්ථාව නොගන්නේ නම් හමාස් සංවිධානයට විනාශය ලඟා කර මැදපෙරදිග සාමය කෙසේ හෝ පිහිටුවන බව, අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබුණා.

ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුවයි හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකගතාවය පළ කර ඇත්තේ.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයාගේ සාම සැලැස්ම පිළිගන්නා බවද හමාස් සටන්කාමීන් ප්‍රකාශ කර තිබෙනවා.

එම සැලැස්ම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි ඔවුන් සඳහන් කළේ.