Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණ යුවලකට දිවි අහිමි කළ මාරක රිය අනතුර

1 year ago

හොරණ මොරගහහේන මාර්ගයේ කනන්විල ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් තරුණ යුවලක ජීවිතක්ෂයට පත්වුණා.

මොරගහහේන , බෙරැකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක හා අවුරුදු 24ක තරුණයෙකුයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වංගු සහිත ස්ථානයක යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එය පෙරළීගොස් තිබෙනවා.

අනතුරුව යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා ලොරි රථයේ ගැටී ඇති බවටයි සැක කෙරෙන්නේ.

ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූ දෙදෙනා රෝහල් ගත කළ ද ඔවුන්ගේ ජීවිත ගලවා ගැනීමට නොහැකිවී තිබෙනවා.