එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දින ජාතික සැමරුම අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. ඒ ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ තේමාව යටතේය.
මෙම උත්සවයේදී නිවාස සංවර්ධන අධිකාරිය යටතේ දිළිඳු පවුල් වෙනුවෙන් ඉදි කරන ලද නිවාස 1000ක් ජනතා අයිතියට පවරා දීම සිදු කෙරිණ.
නිවාස නොමැති පවුල් 4000ක් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක විය.
මීට අමතරව, UN Habitat මැදිහත්වීමෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක වීමට නියමිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්‍රදානය සිදු කිරීමත්, අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට මුල්‍යාධාර ලබා දීමත් සිදුවිය.
