පස් දෙනකු ගමන් කළ ත්රිරෝද රථයක් පාලමකින් පහළට පෙරළී තිරෝද රථයේ රියදුරු මියගොස් තිබෙනවා.
පෙරේදා 04 රාත්රියේ අඹගස්ආර හරහා වැලිපිටිය අතුරු මාර්ගයේ දී අනතුර සිදුව ඇතැයි කටුවන පොලිසිය පවසනවා.
අනතුරින් පසු තුවාලකරුවන් පිරිස රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණු අතර ප්රතිකාර ලබමින් සිටිය දී රියදුරු මියගොස් තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ 66 හැවිරිදි තිත්තගලගාව, කටුවන පාර, ඌරු බොක්ක පදිංචිකරුවෙක්.
පොලිසිය පවසන්නේ ත්රිරෝද රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය අනතුරට හේතුවී ඇති බවයි.
කටුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා
