Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමට අදාළ හිටපු හමුදා සෙබළාට අධිකරණයෙන් දුන් තීන්දුව

1 year ago

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්ධව මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු යුද හමුදා සෙබළා ඊයේ (06) ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම නියෝගය ලබා දුන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින්.

මෙසේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණේ, ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙක්

සැකකරුට රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද්දේ එක් ඇපකරුවකු සැකකරුගේ ළඟම පවුලේ ඥාතියකු විය යුතු බවයි.

තවද, සැකකරුට සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට කිසිදු ආකාරයකින් බාධා නොකරන ලෙස තරයේ අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කළා.

කෙසේ වෙතත්, මෙම දූෂණ සිද්ධියට අදාළව ඇප ලැබුණද, ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් හේතුවෙන් මෙම හිටපු සෙබළා තවදුරටත් රක්ෂිත භාරයේ පසුවනවා.

මෙම සිද්ධියට අදාළව පොලීසිය මේ දක්වා පවත්වා ඇති විමර්ශනවල උදෘත දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.