Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හුංගමදී තරුණයෙක් හා තරුණියක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ

1 year ago

රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද (07) අලුයම සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවයි පොලිසිය කියා සිටියේ.

අදාළ නිවසේ හිමිකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර මෙම යුවළ තාවකාලික පදනම මත එම නිවසේ පදිංචිව සිට ඇති බව සඳහන් වේ.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතය.

හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.