රන්න, වාඩිගල ප්‍රදේශයේ අද අළුයම සිදු වූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
එම ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුර සොයා ගත්තා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බෝ පසිඳු නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවයි පොලිසිය කියා සිටියේ.
ඔවුන් 28 හැවිරිදි රන්න සහ තිස්සමහරාම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
