සමාජ මාධ්‍ය ඔස්සේ නීතිඥවරියකට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් නීතිඥවරයකු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළා.
සැකකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් හා දසදහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කළා.
සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය ලබන 16 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් 2022 වර්ෂයේ සිට විමර්ශනය කිරීමෙන් පසුව සැකකරු අනාවරණය කරගත් බව පැවසූවා.
සැකකරුගේ පරිගණක උපාංග අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය ලබන 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
