එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසනවා.
අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපේ සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මතකර දෙනවා කියලා ඇමතිවරයා කිව්වේ ගිය අයවැය විවාදයේදී. මැයි 01 වෙනිදා වෙනකොට ගැසට් කරලා අපිට සේවා ව්‍යවස්ථාව ලබාදෙනවා කිව්වා. අදට ඒක බොරු පොරොන්දුවක් වෙලා තියෙනවා. අපි කියනවා මේ රජයට මේ සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී සන්ධානයේ සංශෝධනය ඇතුව වහාම ගැසට් කරලා අපට බලාත්මක කරලා දෙන්න. එහෙම නැත්නම් අපිට සිදුවෙනවා මේ රජයට විරුද්ධව පාරට බහින්න. ඒ වගේම ඉන්ධන ලීටර 20ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. අපි ඒකාබද්ධ සන්ධානයක් වශයෙන් අපි අද තීරණයක් ගත්තා ඒක මේ අයවැයේදී ලැබුණේ නැත්නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා.”
