තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති D.S.සේනානායක පිළිරුව ඉදිරියේ හිමිනමක් උපවාසයක් ආරම්භ කර තිබේ.
ඊයේ (08) පස්වරුවේ සිට මෙලෙස උපවාසයක නිරත වන්නේ රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියන්ය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑමට මෙන්ම ඔහුගේ සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ද නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් ස්වාමීන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භකර ඇති බව වාර්තා වේ.
