Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බන්ධනාගාර ගත දරුවන් ගැන හෙළිදරව්වක්

1 year ago

2025 වසරේ මුල් මාස 08 තුළ අතදරුවන් සමග බන්ධනාගාරගත කළ කාන්තාවන් සංඛ්‍යාව 38ක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර ති‌බෙනවා.

මේ බව සඳහන් කර තිබුණේ, අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම ළමුන් අතර පිරිමි ළමුන් 15ක් සහ ගැහැණු ළමුන් 23ක් සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, මව්වරුන් සමග බන්ධනාගාර ගතවන වයස 05ට අඩු දරුවන් රැකබලා ගැනීමට බන්ධනාගාර කාන්තා අංශ තුළ ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි.

එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව පිහිටා ඇති බවත්, ඒවා තුළ දරුවන්ට තම මව්වරුන් සමග කාලය ගත කිරීමේ අවස්ථාව ද ලබා දෙනවා.

දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කර සිටියේ, දෛනිකව රැඳවියන්ට ලබාදෙන ආහාර සලාකය මෙන් කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි හා දිනකට සැහැල්ලු ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර ආයතනයේ සලාක අංශය විසින් ලබාදෙන බවයි.

මීට අමතරව බන්ධනාගාරගතව මව සමග සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අගමැතිවරිය ප්‍රකාශ කළේ, පෞද්ගලික ආයතනයක සම්පත් දායකත්වයෙන් දැනට වසර 10 ක පමණ කාලයක සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් බන්ධනාගාරය තුළ පවත්වාගෙන යන බවයි.