Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරට නව මුහුණක්

1 year ago

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා ඝණකාධිකාර සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එන්. හපුගල මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, එම තනතුරේ සේවය කළ එච්.සී.ඩී.එල්. සිල්වා මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත ඉකුත් 06 වන දින සිට විශ්‍රාම යාම හේතුවෙන්.

එම තනතුරට අලුතින් පත් කෙරුණු එච්.සී.ඩී.එල්. සිල්වා මහතා දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබනවා.

එම පත් කිරීමට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.