නුගේගොඩ ප්රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ.
ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.
මෙම ළමයා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුර ඔහුට මෙම අවාසනාවන්ත ඉරණම අත්ව තිබේ.
දියේ ගිලීමෙන් අනතුරුව දරුවාව කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කළද දරුවා මියගොස් ඇත.
මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.
