මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝ 09 ක් හා ‘අයිස්’ කිලෝ 02 ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කඩවත, පහළ බියන්විල ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාගෙන් කාන්තාවට වයස අවුරුදු 32 ක් වන බවත්, පිරිමි පුද්ගලයාට වයස අවුරුදු 26 ක් වන බවත් පොලීසිය ප්‍රකාශ කරනවා.
ඔවුන් අද (09) දිනයේ දී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
