වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් හරහා තම දරුවාට අපහාසයක් සිදුව ඇති බවට සඳහන් කරමින් අමාත්‍යවරයා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ ප්‍රකාශයෙන් අනතුරුව තම දරුවාට එරෙහිව සමාජ මාධ්‍යවල සටහන් පළවීම සම්බන්ධයෙන්ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය හමුවේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
