Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විවාහවීමට අපේක්ෂාවෙන් සිටින තරුණ, තරුණියන්ට අකරතැබ්බයක්

1 year ago

මංගල මුදු මාල වළලු ඇතුළු සියලුම රන් භාණ්ඩවල මිල ලෝක රන් මිල ඉහළ යාමත් සමඟ තවදුරටත් ඉහළ යමින් පවතින බව ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් පවසනවා.

මෙම මිළ ඉහළ යාම, රන් ආභරණ අලෙවිය කෙරෙහි සෘජුව බලපා තිබෙනවා.

බාලසුබ්‍රමනියම් පැවසුවේ වර්තමානයේ පවුමක (ග්‍රෑම් 8) රන් මාලය මිල රුපියල් 335,000 ක් පමණ වන බවයි.

එසේම පවුම් බාගයක රන් ආභරණයක මිල රුපියල් 175,000 ක් පමණ වන ලෙසත්, පවුම් කාලක රන් ආභරණයක මිල රුපියල් 85,000 ක් පමණ ලෙසත් සටහන් වනවා.

එක් පවුමකින් සාදන ලද රන් මුදුවක මිල රුපියල් 356,000 ක් පමණ වන අතර, පවුම් බාගයකින් සාදන ලද මුදුවක් රුපියල් 188,000 කට පමණ අලෙවි කෙරෙනවා.

රන් වෙළෙඳපොළේ වත්මන් මිල ගණන්වලට අනුව, පවුමක මිලෙහි කැරට් මට්ටම් අනුව ද පැහැදිලි වෙනසක් දැකිය හැකියි.

කැරට් 21 රන් පවුමක මිල රුපියල් 261,000 සිට රුපියල් 293,000 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙම ඉහළ යාමේ ප්‍රවණතාවය අනුගමනය කරමින්, පසුගිය මාසයේ රුපියල් 240,000 ක් වූ කැරට් 18 රන් පවුමක මිලද දැන් රුපියල් 252,000 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙම මිල වැඩිවීම් සිදුවී තිබුණ ද, රන් ආභරණවල වැඩ කුලිය (workmanship charges) නොවෙනස්ව පවතින බව සඳහන්.

මෙම මිල ඉහළ යාම පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ බාලසුබ්‍රමනියම් සඳහන් කළේ, කැරට් 24 සහ 21 රන් ආභරණ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොවන බවයි. ඒ වෙනුවට මෙම කැරට් ප්‍රමාණවල සකසන ලද නිමි රන් ආභරණ ආනයනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.