වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීම සඳහා දෙසැම්බර් 17 වැනිදා දින නියම කර තිබෙනවා.
ඒ අදාළ නඩුව අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා සහ අනෙකුත් සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.
