ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ඉවත් කරනු ලැබුවේ කන්ටේනර් 323 නිසා දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යම් රාසමානික්කම් මහතා විමසා සිටියා.
පාර්ලිමේන්තුව අද (10) රැස්වු අවස්ථාවේදි ඔහු පවසා සිටියේ උදෑසන වන විට ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇති වු බවයි.
කන්ටේනර් සිදුවිමට සම්බන්ධ පුද්ගලයෙක් ඉවත් කර පරික්ෂණය සිදුකරනවා යැයි විශ්වාසයක් ඇති විම සම්බන්ධයෙන් තමා සතුටු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
එයට පිළිතුරු ලබා දෙමින් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසා සිටියේ එවැනි ඉවත් කිරිමක් සිදු නොකළ බවත් පැවරී ඇති විෂයන්වල පමණක් සංශෝධනයක් සිදු වී ඇති බවයි.
එහිදි ඔහු පවසා සිටියේ විධිමත් වු වැඩපිලිවෙලක් මෙන්ම අරමුණු කරා යාම සඳහා මෙම සංශේධනය සිදු කළ බවත් බිමල් රත්නායක මහතාට පැවරී තිබෙන අලුත් වගකීම සම්බන්ධයෙන් ඉදිරියේදි දැනුම් දෙන බවයි.
