අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පවරා ඇති නඩු තුනෙහි තුන්වන සැකකරු වු කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක එම නඩු වලින් මුදා හැර රඡයේ සාක්ෂිකාරයෙක් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළා.
නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාල සැකකරුවකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක එම නඩුවලින් මුදා හැර රඡයේ සාක්‍ෂිකාරයෙක් කරන ලෙසට අධිකරණයට කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියෝග කළා.
ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල , නිපුණි ක්‍රිෂ්ණිකා සහ නිශාන්ත බණ්ඩාර බස්නායක ඇතුළු පිරිස මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබුණා.
