ලබන වසරේ මුල් කාර්තුවේදී පළාත් සභා මැතිවරණය පවත්වන බවට තොරතුරු වාර්තා වීමත් සමග සමගි ජන බලවේගයේ තරුණ, ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනකු සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සැරසෙන බව වාර්තා වේ.
ඔවුන් ඒ බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම දැනුම් දීම සිදුකරමින් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත්තේ සජබය නියෝජනය කරමින් ඒ ඒ පළාත්වල මහඇමැති ධුරයට තරග කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවකි.
විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමේදී සිය ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බවත්, මේ හේතුව නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට වඩා පළාත් සභා මහ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කිරීමේදී ජනතාවට සේවය කිරීම සඳහා වරප්‍රසාද සහ පහසුකම් රැසක් හිමිවන බවත් මෙහිදී එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා වෙත පෙන්වා දී ඇත.
නමුත් සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් වන සිය තීරණය තවමත් දැනුම්දී නොමැති බව සඳහන්.
