අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 12 සිට 15 දක්වා දිනවල චීනයේ සංචාරයකට සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ චීන රජය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා අංශය විසින් බීජිංහිදී සම සත්කාරකත්වය දරන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක හමුවට” (Global Leaders’ Meeting on Women) සහභාගී වීමයි.
මෙම ගෝලීය නායක හමුවේදී අග්‍රාමාත්‍යවරිය විසින් “පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්” (One Shared Future: New & Accelerated Process for Women’s All-round Development) යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද අපේක්ෂා කරන බව වාර්තා වෙයි.
එසේම මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින්, ඇය චීන ජනාධිපති ෂී ජින්පිං සහ අගමැති ලී ක්වියාං ඇතුළු චීන රජයේ ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද සඳහන්.
