Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද බලන්න ගලගොඩඅත්තේ හිමි වැඩම කරති

1 year ago

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලා පිරිසක් ඊයේ (10) තංගල්ල කාල්ටන් නිවසට වැඩමවා ඇත.

මේ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පවසයි.

“අතීතයේ සිටම මහා සංඝරත්නය අප සමාජය තුළ ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය වශයෙන් සක්‍රීයව කටයුතු කරනු ලබයි. උන්වහන්සේලා සමාජ උන්තතිය උදෙසා ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටු කළහ. දේශපාලනය තුළ ද පෞද්ගලික ජීවිතය තුළ ද මහා සංඝරත්නයේ මඟ පෙන්වීමත්, ආශිර්වාදයත් මා හට නිතැතින්ම හිමිවුණි.

පසුගිය දින කාල්ටන් නිවසට වැඩමවමින් මා හට ආශිර්වාද කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වකව ස්තුතිය පිරිනමමි.”

ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ තැබූ සටහන පහතින්.