Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විමල් වීරවංශගෙන් පොලිසියට චෝදනාවක්

1 year ago

තමන් විසින් පොලීසියට ලබා දුන් ප්‍රකාශය විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

තමා විසින් පැය තුනකට ආසන්න කාලයක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබා දුන් බවත්, පොලීසිය විසින් එහි කොටස් කිහිපයක් පමණක් සංශෝධනය කර මාධ්‍ය වෙත ලබා දී ඇති බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පොලීසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලීසිය උත්සාහ කරන්නේ ‘පුවක්දණ්ඩාවේ සනා’ සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍යය සමාජයෙන් සැඟවීමට දැයි සැකයක් මතුවන බවද, එලෙස කටයුතු කිරීමෙන් පොලීසිය තමන්ගේ ස්වාධීනත්වය ද ප්‍රශ්නයට ලක් කරන බවද ඔහු පෙන්වා දෙනවා.

පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර, එය නීතිගරුක පොලීසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ සටහන පහතින්.