යළි තංගල්ල පොලිසිය වෙත පැමිණ අද (12) දිනයේදී ප්‍රකාශයක් ලබාදෙන්නැයි, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට පොලිසිය දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, අද දිනයේ පැමිණීමට නොහැකි බව පොලිසියට දැනුම් දුන් බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ.
ඒ අනුව, ඉදිරි දිනයකදී පොලිසියට පැමිණෙන බව දැනුම් දුන් බවත් ඔහු කියා සිටියා.
මේ අතර, “පුවක්දණ්ඩාවේ සනා” නමැති පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට තමා ලබා දුන් ප්‍රකාශය විකෘති කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන අතර අධිකරණ ක්‍රියාමාර්ගද ගන්නා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ සිය ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දැක්වීමට කොළඹ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.
