Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමාවේ යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරකට සහ පියාට කඩු ප්‍රහාරයක්

1 year ago

ජාතික ජනබලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරකවරයාට හා ඔහුගේ පියාට කඩු ප්‍රහරයක් එල්ලවි තිබෙනවා.

යාපනය පේදුරුතුඩුව තුම්බල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට ඊයේ (11) අලුයම දෙකට පමණ කඩු රැගෙන පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇත.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සම්බන්ධිකාරකවරයා හා ඔහුගේ පියා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බව පැවසෙනවා.

ඔවුන් දෙදෙනාට කැපුම් තුවාල ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම කඩු ප්‍රහාරයට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බ්න්ධයෙන් පරීක්ෂණ පවත්වයි.