Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිවයිනට

1 year ago

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා අද (12) දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කලාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහායි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන මෙම සමුළුව හෙට (13) දින සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුවට අග්නිදිග ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.