Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිප්ටෝ මුදල් ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව දරාගත නොහැකිව රජයේ සේවකයෙක් සියදිවි හානි කර ගනී

1 year ago

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතයේදී රුපියල් කෝටි එකහමාරකට (රු. මිලියන 15කට) වඩා පාඩුවක් ලද යාපනය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරියෙකු දැඩි ලෙස සිත්තැවුලට පත්ව ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ යාපනය, කුප්පිලාන් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ඒ සම්බන්ධ ගනුදෙනුවල නිරතව සිටියදී, හදිසියේම රුපියල් කෝටි එකහමාරක පමණ විශාල පාඩුවක් සිදුව ඇත.

මෙම අතිවිශාල පාඩුව දරා ගැනීමට නොහැකිව ඔහු නිවසේදී ගෙළ වැලලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.