Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් දිවයිනට රැගෙන එයි! මත්ද්‍රව්‍ය කිලෝ 839ක්!

1 year ago

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්,  හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.  

මීට අමතරව හෂීස්  කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි. 

අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවට සැකකෙරෙන බව වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 50ක් පමණ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) සොයා ගෙන තිබුණි. 

යාත්‍රා 3ක් මගින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමේ වෑයමක් පිළිබඳ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබී තිබුණේ ඉකුත් සැප්තැම්බර් මුලදීය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබුණි.