අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක මහා මාර්ග සහ පහත් බිම් රැසක් ඊයේ (14) ජලයෙන් යටවී තිබුණා.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 767 කාලවිල ග්‍රාම නිලධාරි වසමේ ආඬියාගොඩ ග්‍රාමයේ පස් කන්දක් නාය යෑමෙන් නිවාස 06 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
ඊයේ (14) රාත්‍රී කාලයේ සහ අද (15) අළුයම් කාලයේ සිදුවූ මෙම නාය යාමෙන් කිසිවෙකුටවත් හානි සිදුවී නොමැති අතර නිවෙස්වලට, වැසිකිළි පද්ධතිවලට හා නළ ජල පද්ධතිවලටද හානි සිදුවී තිබෙනවා.
