2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23 දින ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි පැවසෙන්නේ.
මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය තුන්දහස ඉක්මවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර සිටිනවා.
