දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව සොයා ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා .
එම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඊයේ (14) සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12 ක් එහි තිබුණ බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, නාවික හමුදාව ඊයේ (14) දකුණු මුහුදේ දී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය දින 31ක මෙහෙයුමක ප්‍රතිඵලයක් බවයි.
මේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව සමග එක්වයි.
වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතයි.
