Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාධවී ඇන්තනී කට වරද්දවා ගනී! මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්!

1 year ago

මාධවී වත්සලා ඇන්තනී යන අය විසින් සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ පලකිරීමකින් තමාට සිදුකල අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලමින් සන්ජය බණ්ඩාර යන අය විසින් ඔහුගේ නීතිඥවරුන් හරහා එන්තරවාසි යවා තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 06 වෙනිදා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින් කරමින් , සන්ජය බණ්ඩාර යනු අමාණුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත් ඒ පදනමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තාකරන (report) කරන ලෙසත් දන්වමින් ඔහුගේ ගිනුමේ ඡායාරූපයක් සහිතව පලකිරීමක් සිදු කර තිබුණා.

එම පදනම් විරහිත, අසත්‍ය, නොමගයවනසුළු සහ අපහාසාත්මක ප්‍රකාශය හේතුකොටගෙන සන්ජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බව ඔහු එම එන්තරවාසියෙන් පෙන්වා දෙනවා.

ඒ අනුව, ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රු. මිලියන 100 ක මුදලක් දින 7 ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළහොත් නඩු පවරා එම මුදල නඩු ගාස්තුද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවත් එයින් දන්වා තිබෙනවා.