Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිලූ දිල්හාර විජේදාසට ඇප

1 year ago

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ව්‍යපාරික නිලූ දිල්හාර විජේදාස රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළා.

ඒ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ” සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 17කට ආසන්න පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළවයි.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නියම කළා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ” සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක (රුපියල් දහසය ලක්ෂ හැටහත් දහස් දෙසිය අනූ හතරයි ශත අසූ හතක) පාඩුවක් සිදුකර ඇතැයි සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ‍නඟා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදු කිරීම යන දූෂණ චෝදනාව සැකකරුට එරෙහිව නගා තිබූ තවත් චෝදනාවක්.