ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා හමු වී තිබෙනවා.
නවදිල්ලි නුවරට ළගා වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිනි කොලොන්නේ කටයුතු කළා. ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
අග්‍රාමාත්‍යවරිය හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේ දී නිෂ්පාදන , යටිතල පහසුකම් , අධ්‍යාපන යන ක්ෂේත්රවල දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබද සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ද්විපාර්ශවික වෙළඳාම ශක්තිමත් කර ගැනීම පිළිබඳවද අවධානය යොමුවුණා.
අග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම එරට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරනවා. 2025 එන් ඩී ටී වී ගෝලීය සමුළුවට ද අග්‍රාමාත්‍යවරිය එක්වීමට නියමිත අතර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ද ඇයයි.
දිල්ලියේ පිහිටි ඉන්දීය තාක්ෂණ ආයතනය ඇතුලු අධ්‍යාපන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට ද ඇය එක්වනවා.
