2024 – 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබා සිටින සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ලබන 31 වැනිදා දක්වා අයදුම් කිරීමට හැකියාව පවතින බවයි.
මීට පෙර ඒ සඳහා ලබා දී තිබූ කාලය ලබන සදුදායින් අවසන් වීමට නියමිතව තිබුණා.
