Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතා මුදල් ගසා කන වංචා සහගත ව්‍යාපාරයක් පිළිබඳව දැනුම්දීමක්

1 year ago

මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා තැන්පතුකරුවන් සතු කෝටි 600 කට අධික මුදලක් වංචා කළ බව කියන “ෂේඩ් ඔෆ් ප්‍රෝ කෙයාර්” නැමැති නීත්‍යානුකූල නොවන පිරමීඩ ආයතනය වෙනත් නම් භාවිතා කරමින් ජනතාව රවටා මුදල් වංචා කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ බව කියා සිටියේ සිද්ධිය සම්බන්ධය විමර්ශන ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්පත් කරමිනි,

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ , ප්‍රසිද්ධ නාලිකා හරහාද මෙම පිරිමීඩ ජාවාරම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් කර ඇති බවයි.

පුහුණුවෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පැකේජ ඔස්සේ ජනතාව සතු මුදල් වංචා කළ ඇති බවත් මේ වනවිට ප්‍රෝකෙයා යන නම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ලබා තිබෙන බැවින් මෙම ආයතනය විවිධ නම් භාවිතා කරමින් ජනතාව රවටා මුදල් වංචා කරන බව විමර්ශන වලින් අනාවරණය වන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මේ සිද්ධියට අදාල අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන විධායකවරයා වන අමිල විරාජ් ගලප්පත්ති මේ වන විට ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ,
මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා එක් අයදුම්කරුගේන් රුපියල් 21500 බැගින් මුදල් අය කරගෙන රැකියාව ලබා දෙන බව පවසා වංචා කර ඇති බවය.

අයදුම්කරුවන් ලක්ෂ 5 ක් වූ පසු රුකියා ලබා දෙන බවට අසත්‍ය ප්‍රචාර යවමින් විවිධ මාධ්‍ය හරහා ජනතාව රවටා මෙම ජවාරම කළ ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණට කරුණු දැක්වුවා.

මෙම අන්තර්ජාලය ඔස්සේ කරන ලද ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැන්වුවා.