පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, රාජාංගන, අංගමුව සහ ගලහා නිල්ලඹ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාළ නිවේදනයේ සඳහන් වන්නේ,
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, ඒ අතරින් වාන් දොරටු 4ක් අඩි 4 බැගින්, තවත් 2ක් අඩි 3 බැගින් විවෘත කර ඇති බවයි. එමඟින් තත්පරයකට ඝන අඩි 15,000ක ජල ප්‍රමාණයක් මුදා හැරේ.
- රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර, එයින් තත්පරයකට ඝන අඩි 7,800ක ජල ප්‍රමාණයක් මුදා හැරේ.
- අංගමුව වැවේ වාන් දොරටු 2ක් අඩි 5 බැගින් විවෘත කර ඇති අතර, එයින් තත්පරයකට ඝන අඩි 2,994ක ජල ප්‍රමාණයක් මුදා හැරේ.
- මෙයට අමතරව ගලහා නිල්ලඹ ජලාශයේ වාන් දොරටු 3ක්ද අද (18) සවස විවෘත කළ බව ද වාර්තා වේ.
මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
