එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සහ හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාට කිසිදු බැංකු ගිණුමක් නොමැති බවට අලුත්ම තොරතුරු හෙළිවී තිබේ.
මෙම හෙළිදරව්ව සිදුවූයේ මෑතකදී කොළඹ නගරයේ පැවති අවමංගල්‍ය උත්සවයකදී දේශපාලනඥයන් පිරිසක් අතර පැවති සාකච්ඡාවක දී ය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයන් පිරිසක් අතර මාතෘකාව වූයේ අල්ලස් කොමිසම පිළිබඳවයි..
වජිර අබේවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේ, ඔහුටද අල්ලස් කොමිසමට කැඳවීමක් ලැබුණු අතර, එහිදී තමන්ට කිසිදු බැංකු ගිණුමක් නොමැති බව නිලධාරීන්ට පැවසූ බවයි. මෙය ඇසූ කොමිසමේ නිලධාරීන් විශේෂයෙන්ම පුදුමයට පත්වූ බවද ඔහු පැවසීය.
එම නිලධාරීන් තමන්ගෙන් ඊට හේතුව විමසූ විට, “මට ගැටලුවක් නැතිනම් ඔබලා ඵය ගැටලුවක් කර නොගත යුතුයි” යනුවෙන් තමන් පිළිතුරු දුන් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම කතාවට සහභාගීව සිටි පිරිසෙන් බොහෝ දෙනෙක් සිනාසෙමින්, “ඇත්තටම වජිර මන්ත්‍රීතුමාට බැංකු ගිණුමක් නැද්ද?” යන්න විමසා සිටියහ. ඒ සඳහා ලැබුණු පිළිතුර වී ඇත්තේ “ඇත්තටම නෑ” යන්නයි.
