Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනිද්දායින් පසු කාලගුණය තවත් දරුණු වෙයි! විශේෂ දැනුම්දීමක්!

1 year ago

ලබන 21 වැනි දිනෙන් පසු දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරත් වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසූයේ, මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් පිහිටා ඇති වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයකට වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම අඩු පීඩන තත්ත්වයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවත්, එය වැසි තත්ත්වය තවදුරටත් තද කිරීම සඳහා හේතු වනු ඇති බවයි.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසූයේ, වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක ලෙස අනුරාධපුර සහ කුරුණෑගල හඳුනාගෙන ඇති බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දිගු කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, මෙම අනතුරු ඇඟවීම බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක බවයි.