Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට

1 year ago

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකාර ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මතුගම වැලිපැන්න නිවසේ හිමිකාරිය වූ 52 හැවිරිදි වූ මෙම කාන්තාව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.