කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සම්පූර්ණ කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම කෙටුම්පත ලබන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ඔවුන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම සතියේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමට කටයුතු කරන බවත්ය.
අත්සන් එකතු කිරීමෙන් අනතුරුව, එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
අජිත් පී. පෙරේරාගේ විවේචනය
අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීමෙන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය නොමග යවා ඇති බවය.
ඒ අනුව, කථානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසය භංග වී ඇති නිසා මෙම නව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ඔහු අවධාරණය කළේය.
