රාගම, බටුවත්ත දුම්රියපොළ ආසන්නයේ සිදුවු බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සපුගස් කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් බටුවත්ත මහා විද්‍යාලයේ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ ළමුන් 20ක්, ගුරුවරුන් සහ දෙමාපියන් සිට ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙම අනතුරින් තුවාල ලැබුවන් රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
