ලෝක ප්‍රසිද්ධ පැරීසියේ Louvre කෞතුකාගාරයේ සොරකමක් සිදු වී තිබෙනවා.
අද (19) උදෑසන කෞතුකාගාරය විවෘත කරන අවස්ථාවේදී මෙම සොරකම සිදු වී ඇති බවයි ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
සොරකම් කර ඇත්තේ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් රාජකීය ආභරණ බව සඳහන්.
කොල්ලකරුවන් විනාඩි 7 ක් තුළ සොරකම සිදු කර කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියේ ඉහළ මාලයේ ජනේලයක් කඩා යතුරුපැදිවලින් පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
