Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 7 ක් අවලංගුයි

1 year ago

උඩරට මාර්ගයේ අද පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 7 ක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇත.

මෙය සිදුවී ඇත්තේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීම සහ ප්‍රදේශ කිහිපයකට පස් තට්ටු කඩා වැටීම හේතුවෙනි. එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන්ද, අදාළ ස්ථානයට ළඟා වීමේ දුෂ්කරතා ඇතිව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පීලි පැනීමෙන් පසු එම ස්ථානයෙහි නඩත්තු කටයුතු සඳහා දිගු කාලයක් අවශ්‍ය විය හැකි බවය.

කොළඹ කොටුව සිට මහනුවර, මාතලේ සහ බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර – 3 ක් හා මහනුවර, මාතලේ සහ බදුල්ල සිට කොළඹ කොටුව සහ බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය ගමන් වාර – 4 ක් අවලංගු කර ඇත.

ඒ අනුව, අද දිනයේ උඩරට මාර්ගය හරහා දුම්රිය ධාවනය රඹුක්කන දක්වා සීමා කර ඇත. තවද, මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතී.