Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම්පොළ සමූපකාරයේ බලය පොදු විපක්ෂය අල්ලයි

1 year ago

ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ පැවති නිලවරණය සඳහා ඉදිරිපත් වූ ඒකාබද්ධ පොදු විපක්ෂයේ සාමාජිකයන් එහි බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම නිලවරණය සඳහා තරඟ කළ ජාතික ජන බලවේගයේ (NPP) කිසිදු සාමාජිකයෙකු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තේරී පත් නොවූ අතර, පොදු විපක්ෂයේ සාමාජිකයින් හත් දෙනෙකු ඒ සඳහා තේරී පත්ව තිබේ.

ඒ අනුව, ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තේරී පත් වූ සාමාජිකයින් ලෙස, සිතුම් ආලෝක උයන්වත්ත, ප්‍රදීප් ගොඩගම, ගාමිණී කරුණාසිංහ, අරුණ කුමාර, ජේ.එම්. ජයවීර, ඩී.ඩී. නන්දකුමාර සහ ජයතිලක බණ්ඩා යන පිරිස පත් වී තිබෙනවා.

ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ පිරිස ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය සඳහා එම පක්ෂවල නායකයින් නිසි මඟ පෙන්වීමක් සිදු කළ බවයි.