Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂ පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්! නිවාඩුව හිමිවන පාසල් මෙන්න!

1 year ago

අඟහරුවාදා (21) දින මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ පළාත්වල පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර දීපවාලි උත්සවය සඳුදා (20) දිනට යෙදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අඟහරුවාදා දිනයේ නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ, එළැඹෙන සෙනසුරාදා (25) පාසල් පවත්වන ලෙසය.