Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයි

1 year ago

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි. 

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද දිනය පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබුවා.

ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහා ම උපරිම මිල සීමාවක්ද නියම කෙරෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝගයක් වශයෙනුයි අද මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.